වැට ළගින් ⁣හොරෙන් මෙන්

බලා සිටි ඈ එදා

වරදදෝ නොදනිමි


දිගටි වු කළු සාය,

පැල්ලමින් ගුරු ගැසුණු

හීනි ඇස් විවරමින් 

බලා හිදි ඈ මව,

කෝපයේ ලේ වලින්

පිරි ගිය මුවින් විත්

ඈ අතින් ඇද ගොසින් 

ගෙට දමා ගත් දිනේ


සිහි වුනේ විගසකින්

හැමදාම දකින ඈ

පුරුදු රුව අද්දරින්

අසා නැති හඬින් අද

 'නංගියේ'

'අම්මගේ දානේ හෙට'

හඬ ඇසුණු ඒ සැනින්


------ Kaushi ------